නෙට්ෆ්ලික්ස් සහ ටික්ටොක් රුසියාව ගැන තීරණයක් ගනියි

යුක්රේන ආක්‍රමණය හෙළා දකිමින් රුසියාව සමග ව්‍යාපාරික සබඳතා අත්හැරීමට ජාත්‍යන්තර බහුජාතික සමාගම් රැසක් මේ වනවිටත් පියවර ගෙන ඇති අතර, නෙට්ෆ්ලික්ස් සිනමා මාධ්‍ය නාලිකාව සහ ටික්ටොක් වීඩියෝ හුවමාරු සමාජ මාධ්‍යය ඊට එක් වී ඇති නව සන්නාමයන්ට ඇතුළත්.

රුසියානු ජාතික මාධ්‍ය සමූහය සමග සිය මෙහෙයුම් පවත්වාගෙන යන නෙට්ෆ්ලික්ස්හි රුසියානු ග්‍රාහක සංඛ්‍යාව මිලියනයක් පමණ වනවා.

ඊට පෙර වෝල්ට් ඩිස්නි, පැරමව්න්ට්, සෝනි කෝපරේෂන් සහ වෝනර් මීඩියා ආදී හොලිවුඩ් සිනමා සමාගම් සිය චිත්‍රපට රුසියාවේ ප්‍රදර්ශනය අත්හිටුවනු ලැබුවා.

ටික්ටොක් සමාජ මාධ්‍යය රුසියානු මෙහෙයුම් අත්හිටුවා ඇත්තේ, ව්‍යාජ පුවත් ලෙස රුසියාව හඳුන්වන නව නීතිය ඊට බලපෑමේ අවදානම හේතුවෙන්.

එම නීතිය මඟින් යුක්රේන යුද්ධයට එරෙහි විවේචකයන් නිහඬ කිරීමට ජනපති පුටින් උත්සාහ දරන බවට යි බටහිර රටවල් චෝදනා කරන්නේ.

රුසියානු රජය පසුගිය සිකුරා දා එරට තුළ ෆේස්බුක් සමාජ මාධ්‍යය ද අවහිර කරනු ලැබුවා.

සැම්සුන්, නයික්, ඇපල් ආදි ජාත්‍යන්තර සන්නාමයන් රැසක්ම මේ වනවිට රුසියාවෙන් ඉවත්වී අවසන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46