නුවර වැවේ දිය නෑමට ගිය කුඩා දරුවෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

අනුරාධපුර, නුවර වැවේ දිය නෑමට ගිය අවුරුදු 6ක් වයසැති දරුවෙකු දීයේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලිගමුව දෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.

පසුගිය 20 වනදා පවුලේ සාමාජිකයන් 5 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් අනුරාධපුරයට වන්දනාවේ පැමිණ ඇති අතර එම කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව දිය නෑම සඳහා ඔවුන් නුවර වැවට ගොස් තිබෙනවා.

අවුරුදු 6ක් වයසැති මෙම දරුවා නෑවීමෙන් අනතුරුව වැව් බැම්ම මත තබා මව, පියා සහ සහෝදරයින් දිය නාමින් සිට ඇතැයි සඳහන්. අනතුරුව මෙම දරුවා වැව් බැම්ම මත ඇවිදිමින් සිටියදී ඇලට වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් එම ස්ථානයේ සිටි පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම දැනුවත් කර ඇති අතර ඔවුන් පැමිණ දරුවා බේරා ගෙන කෘතිම ශ්වසනය ලබා දෙමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසුවූ මෙම දරුවා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම පවසන්නේ මෙම ස්ථානයේ සොරොව්ව අඩි 8ක් පමණ ගැඹුරු හා දිග අඩි 50ක් පමණ වන බවයි.

මෙම ස්ථානයේ දිය නෑමට නුසුදුසු බවට දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර තිබියදී දෙමවුපියන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන් මෙම මරණය සිදු වූ බව ද පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38