නුවර ගින්නකින් ගෙවල් දෙකක් අළු වෙයි (වීඩියෝ)

මහනුවර – අකුරණ ප්‍රදේශයේ නිවාස දෙකක් හදිසි ගිනි ගැනීමකට ලක් ව තිබෙනවා.

මෙම ගින්න ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ දී ඇති වූ බවයි පැවසෙන්නේ.

අදාළ ගින්න හට ගැනීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් නිවාස දෙක ම සම්පූර්ණයෙන් ම දැවී අළු වී ගොස් තිබෙනවා.

මහනුවර ගිනි නිවීම් අංශය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර පුද්ගල හානි කිසිවක් වාර්තා වන්නේ නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්