නුවර – කොළඹ පාරේ මාරක අනතුරක් – හතරක් ගිය ත්‍රිරෝද රියේ දෙකක් මරුට

කොළඹ – මහනුවර මාර්ගයේ අඹේපුස්ස ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් ත්‍රිරෝද රථයක ගමන් ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ (09) රාත්‍රියේ මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු හා පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ප්‍රථිකර ලබමින් සිටියදී ත්‍රීරෝද රථයේ රියදුරු හා පිටුපස ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරින් බරපතළ තුවාල ලබා සිටින එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මියගිය පුද්ගලයින් අවුරුදු 29 හා 47 යන වයස්වල පසුවන දෙල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14