නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ අපිරිසිදු ආපනශාලාව වසා දැමීමට නියෝගයක් (ඡායාරූප)

අපිරිසිදු ආකාරයන් පවත්වාගෙන ගිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් ආපනශාලාව වසා දැමිමට නියෝගයක් නිකුත් කළ බව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් පවසනවා.

නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් (12) දිනය පුරා සිදුකල හදිසි පරික්ෂාවක දී නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ ආපනශාලාව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් පවත්වාගෙන යාම නිරීක්ෂණය වී තිබුණා.

මෙම හදිසි පරික්ෂාවේ දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, අපිරිසිදු අන්දමින් ආහාර සකස් කිරීම, නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම, ආහාර අනුභවය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සපයා නොතිබීම යන කරුණු යටතේ තවත් ආපන ශාලා අටක හිමිකරුවන් සඳහා නඩු පැවරීමට නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා.

තවද නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල තුළ රෝහල් සුභසාධක සංගමය මගින් පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ ආපනශාලාව තාවකාලිකව වසා දැමිමට වැසුම් නියෝගයක් ලබා දුන් බවත්, එහි අඩුපාඩුකම් සපුරා නැවත නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධික්ෂණයට ලක් කල යුතු බව ද ඔහු කියා සිටියා.

01 8
01 7
01 6
01 4
01 5
01 1 2
01 2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
2
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද මහත්තයාගේ කාලේ අපි සතුටින් හිටියා - අනුර කුමාර කියයි
12:57
Video thumbnail
විජෙත් පච කියලා ඕක ගත්තේ..තියෙන කච්චතිව් දූපතටත් ෂොට් එක දෙයිද දන්නේ නෑ..විජේ ඇවිල්ලනේ
02:40
Video thumbnail
මගඩියක් ගැන චාමර පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව..Something ඉල්ලන්න ගෝලයෙක් දාලා
03:12
Video thumbnail
ව්‍යවස්ථාව කඩ කරපු කෙනෙක් මුදල් ලේකම් තනතුරේ ඉන්න බෑ
03:39
Video thumbnail
ඇයි යකෝ සල්ලි දෙන්නයි..හිරේ යන්නයි දෙකක් කරන්න බෑනේ - චාමරට යකා නගියි
08:42
Video thumbnail
මාලිමාවේ නායකයෝ වෙනුවෙන් හිරේ යන්න ගම්මන්පිල සූදානම් l Gammanpila
12:23
Video thumbnail
මහින්දගේ වීඩියෝවක් පෙන්නලා දුමින්ද ආණ්ඩුවට සැරටම කියයි..අද කිසිම සුජාතභාවයක් නෑ
06:00
Video thumbnail
මුජිබුර් තනියම නැගිටලා ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න දෙසයි..ඇයි මේක කතා කරන්න දෙන්නේ නැත්තේ
15:25
Video thumbnail
මුජිබුර්, චමින්ද එකතුවෙලා හර්ෂණට හොඳ එකෙන්ම අමතයි..කන් ඇහෙන්නේ නෑ..එකෝ මොළේ නෑ
03:58
Video thumbnail
කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් පලා ගිහින්..ඔවුන් සොයා විශේෂ මෙහෙයූමක්
00:37