spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නුවරඑළිය නගර මධ්‍යයේ දැවැන්ත ගින්නක්

නුවරඑළිය නගර මධ්‍යයේ ප්‍රධාන හෝටලයක අද (31) දින දහවල් කාලයේ ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්නෙන් අදාළ හෝටලයේ මුළුතැන්ගෙය ප්‍රදේශය මුළුමනින්ම විනාශ වී ඇති බවයි නුවරඑළිය පොලිසිය සදහන් කළේ.

නුවරඑළි නගර මධ්‍යයේ පවතින ප්‍රධාන හෝටලයක් තුළ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව ගෑස් කන්දු වීමක් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මෙහිදී විනාඩි කිහිපයක් තුළ නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සක්‍රීයව ක්‍රියාත්මක වීමෙන් ගින්න මැඩ පැවැත්වා ගැනීමට හැකිවූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදු වී නොමැති අතර දේපළ හානි පමණක් සිදුව ඇති බවත් පොලිසිය අනාවරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?