spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණන්න දෙන්නේ නැහැ – වෘත්තීය සමිති දැඩි තීරණයක

නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමය එරෙහි ව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹෙන බව ඒකාබද්ධ වෘත්තීය සමිති පවසනවා.

නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් බවට පරිවර්තනය කිරිම සඳහා විකිණීමට විරෝධය පාමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් පුරා තැපැල් සේවකයින් අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කර ඇති බව ද ඔවුන් සඳහන් කළා.

විරෝධතාවට පැන නැගෙන ඕනෑම නීතිමය තත්ත්වයකට මුහුණදීමට සූදානම් බවත්, නුවරඑළියේ සම්පත් කිසිසේත් විකිණීමට ඉඩ ලබා නොදෙන බවත් ඒකාබද්ධ වෘත්තීය සමිති සාමාජිකයින් අවධාරණය කරනවා.

ඔවුන් මේ බව කියා සිටියේ අද දින නුවරඑළිය තැපැල් කාර්යාලය පෞද්ගලික හෝටලයකට විකිණීමට එරෙහිව සිදු කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමින්.

මෙහි දී ඒකාබද්ධ වෘත්තීය සමිති සාමාජිකයින් කියා සිටියේ පෞරාණික වටිනාකමකින් යුතු නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට එරෙහි ව උද්ඝෝෂණයක් හෙට දින සිට ආරම්භ කිරීමට සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?