නුවරඑළිය ගෝල්ෆ් පිටියේ රූස්ස ගස් රැසක් සූක්ෂමව විනාශ කිරීමේ සැලැස්මක් (ඡායාරූප)

නුවරඑළිය ගෝල්ෆ් ක්‍රිඩාංගණයේ වසර 100කට වඩා ඉපැරණි ගාන්ඩිස් ඇතුළු නුවරඑළිය ප්‍රදේශයට ආවේනික වූ රූස්ස ගස් විශාල සංඛ්‍යාවක් විනාශ කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා.

රූස්ස ගස් 50ක පමණ බදෙහි පොතු ගලවා කළුතෙල් තවරා මෙම ගස් විනාශ කිරීමට කටයුතු කර ඇති බවට නුවරඑළිය ගෝල්ෆ් ක්‍රිඩා සමාජයේ පාලන අධිකාරියට එරෙහිව ලැබුණු පැමිණලිවලට අදාළව මෙම විමර්ශන අරඹා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පැමිණිල්ල විභාග කරන පොලිසිය සඳහන් කළේ හක්ගල උද්භිත උද්‍යානයේ නිලධාරින්ගෙන් මෙම ගස් විනාශ වී ඇත්ද යන්න පිළීබදව වාර්තාවක් කැඳවීමට නියමිත බවයි.

නුවරඑළිය මහ නගර සභාව සහ නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් වසර 99ක් සදහා බදු පදනම යටතේ නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩා සමාජය වෙත ලබා දී ඇති ඉඩමෙහි වගා කර තිබූ රුස්ස ගාන්ඩිස් සහ නුවරඑළියට ආවේනික රූස්ස ගස් 50ක් පමණ ඉතා සූක්ෂම ලෙස විනාශ කිරිම සඳහා එම ගස්වල බදෙහි පොතු ගලවා කළු තෙල් ගල්වා තිබිම සම්බන්ධයෙන් සොයා බැලිමට පසුගිය දා (21) නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා, වනජීවි දෙපාර්තුමේන්තුව, දැව සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, හක්ගල උද්භිත උද්‍යානයේ නිලධාරින් ගොල්ෆ් ක්‍රිඩා පිටියේ ක්ෂෙත්‍ර චාරිකාවක නිරත වී තිබෙනවා.

අනතුරුව එම රාජ්‍ය ආයතන විසින් වෙන් වෙන් වශයෙන් ක්‍රිඩා සමාජයේ පාලන අධිකාරියට එරෙහිව නෛතික පියවර ගැනිමට තිරණය කර ඇති බවයි වාර්තා වුණේ.

නුවරඑළිය මහ නගර සභාව විසින් බදු දී තිබෙන ඉඩමේ ඇති නිශ්චල සහ චංචල දේපළවලට කිසිදු හානියක් සිදු නොකරන ලෙසට කොන්දේසි පනවා තිබිය දී එම කොන්දේසි උල්ලංඝනය කර රුස්ස ගස් විනාශ කර ඇති බවත්, එසේ විනාශ කර ඇති ගස් යළි ප්‍රතිස්ථාපනය කළ නොහැකි බවයි ක්ෂේත්‍ර චාරිකාවට එක් වූ රාජ්‍ය ආයතන නිලධාරින් පවසා ඇත්තේ.

එමෙන්ම ගොල්ෆ් ක්‍රිඩා පිටියේ තෘණ මත රුස්ස ගස්වල කොළ වැටීමත්, එම ක්‍රිඩා පිටියේ සේවය කරන කාර්ය මණ්ඩලයට සහ සේවකයින්ට නේවාසිකාගාරයක් ඉදි කිරිමේ අරමුණින් මෙසේ රුස්ස විනාශ කිරීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන ඇති බව නුවරඑළිය ප්‍රාදේශිය ලේකම්වරයා සඳහන් කළා.

මේ අතර නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි අක්කර 300 ක වපසරියකින් යුත් වටිනාකමින් ඉහළ මෙම ඉඩම කොළඹ ප්‍රදේශයේ සීමිත ඉහළ පැලැන්තියේ පිරිසකගේ විනෝදාශ්වාදය සඳහා දිර්ඝ කාලින බදු පදනම මත ලබා දී ඇති බවත්, ඒ තුළින් දේශිය සංචාරක කර්මාන්තයට හෝ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවයි නුවරඑළිය ප්‍රදේශයේ පරිසරවේදින් පවසා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15