නුවරඑළියේ රෝහල් 26ක ගිලන් රථවලට ජි.පි.එස් සවි කරයි (ඡායරූප)

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි මුලික රෝහල් දෙකක් සහ ප්‍රාදේශිය රෝහල් 24ක තිබෙන ගිලන් රථ 42කට ජි.පි.එස් තාක්ෂණය සවි කිරිමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය සහිතව දිවයිනේ ප්‍රථම වරට නියම වූ ව්‍යාපෘතියක් වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි මුලික රෝහල් දෙකක සහ ප්‍රාදේශිය රෝහල් 24ක දැනට සේවයට යොදවා ඇති ගිලන් රථවල ජි.පි.එස් තාක්ෂණය සවි කිරිමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

එම ගිලන් රථ තිබෙන ස්ථාන තම කාර්යාලය මඟින් අධික්ෂණය කිරිමට පියවර ගෙන ඇති බව ද සඳහන්.

රෝගීන් වෙනත් රෝහල් වලට රැගෙන යාමේ දී සහ ආපසු එම ගිලන් රථය රෝහලට පැමිණිමේ දී සිදුවන ප්‍රමාදයන් අවම කිරිමටත්, හදිසි අවශ්‍යතාවයකදි වෙනත් රෝහල්වලට ගිලන් රථයක් අවශ්‍ය වු විට එම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් තම කාර්යාලයේ ස්ථාපනය කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන ගිලන් රථයක් ලබා ගැනීමේ අවස්තාවත් මේ තුලින් ලැබෙයි.

මීට පෙර හදිසි අවශ්‍යතාවයකදි ගිලන් රථයක් ලබා ගැනීමට වෛද්‍යවරුන්ට දිස්ත්‍රික්කය තුල පිහිටි ගිලන් රථ තිබෙන සෑම රෝහලකටම ඇමතුම් ලබා ගැනිමට සිදු වු බවත්, නව ව්‍යාපෘතිය තුලින් වෛද්‍යවරුන්ට පහසුවක් ලැබෙන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කියා සිටියී.

01 2
01 1
01 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51