spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නුවරඑළියේ රෝහල් 26ක ගිලන් රථවලට ජි.පි.එස් සවි කරයි (ඡායරූප)

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි මුලික රෝහල් දෙකක් සහ ප්‍රාදේශිය රෝහල් 24ක තිබෙන ගිලන් රථ 42කට ජි.පි.එස් තාක්ෂණය සවි කිරිමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය සහිතව දිවයිනේ ප්‍රථම වරට නියම වූ ව්‍යාපෘතියක් වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි මුලික රෝහල් දෙකක සහ ප්‍රාදේශිය රෝහල් 24ක දැනට සේවයට යොදවා ඇති ගිලන් රථවල ජි.පි.එස් තාක්ෂණය සවි කිරිමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

එම ගිලන් රථ තිබෙන ස්ථාන තම කාර්යාලය මඟින් අධික්ෂණය කිරිමට පියවර ගෙන ඇති බව ද සඳහන්.

රෝගීන් වෙනත් රෝහල් වලට රැගෙන යාමේ දී සහ ආපසු එම ගිලන් රථය රෝහලට පැමිණිමේ දී සිදුවන ප්‍රමාදයන් අවම කිරිමටත්, හදිසි අවශ්‍යතාවයකදි වෙනත් රෝහල්වලට ගිලන් රථයක් අවශ්‍ය වු විට එම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් තම කාර්යාලයේ ස්ථාපනය කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන ගිලන් රථයක් ලබා ගැනීමේ අවස්තාවත් මේ තුලින් ලැබෙයි.

මීට පෙර හදිසි අවශ්‍යතාවයකදි ගිලන් රථයක් ලබා ගැනීමට වෛද්‍යවරුන්ට දිස්ත්‍රික්කය තුල පිහිටි ගිලන් රථ තිබෙන සෑම රෝහලකටම ඇමතුම් ලබා ගැනිමට සිදු වු බවත්, නව ව්‍යාපෘතිය තුලින් වෛද්‍යවරුන්ට පහසුවක් ලැබෙන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කියා සිටියී.

01 2
01 1
01 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?