නුවරඑළියේ මාරක අනතුරක් – 40ක් රෝහලට – 07කට බරපතළයි (වීඩියෝ හා ඡායාරූප)

නුවරඑළිය ප්‍රදේශයේ අද (11) අලුයම මාරක රිය අනතුරක් සිදු ව තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ බස් රථයක්.

අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය නුවරඑළිය – ටොප්පාස් ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් තිබෙනවා.

මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ වාර්ෂික විනෝද චාරිකාව සඳහා සහභාගී වූ සේවක සේවිකාවන් රැගත් බස් රථයක් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එම අනතුරින් බස් රථයේ ගමන් කළ පිරිසෙන් 40 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා.

බස් රථය මාර්ගය හරහා පෙරළී ගොස් ඇති අතර; තුවාල ලැබූවන්ගෙන් 07 දෙනෙකුට බරපතළ බවයි වාර්තාවන්නේ.

මෙම වාර්ෂික විනෝද චාරිකාව සඳහා අද අලුයම නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ සිට ගමන් ආරම්භ කර ඇති අදාළ බස් රථය කිලෝමීටර දෙකක පමණ දුරක් ගමන් කරන විට ටොප්පාස් ප්‍රදේශයේ දී අනතුරට මුහුණ පා තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල සඳහන් කළේ තුවාලකරුවන් අතරින් පිරිමි 35 දෙනෙකු සහ ගැහැනු 05 දෙනෙකු සිටින බවයි.

ප්‍රදේශවාසීන්ගේ පොලිසියේ නිලධාරීන්ගේ සහයෝගයෙන් 1990 ගිලන් රථ සේවාවේ හා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ගිලන් රථ උපයෝගී කරගනිමින් තුවාල ලැබූ පිරිස නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමටත් පියවර ගැනුණා.

තුවාල ලැබුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක මහේන්ද්‍ර සෙනවිරත්න මහතාගෙන් අප කළ විමසීමක් අනුව ඒ මහතා කියා සිටියේ 40 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් හත් දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ වන බවයි.

කෙසේ නමුත් ජීවිත අවදානම් තත්ත්වයක් මෙතෙක් වාර්තා නොවූ බවත් බරපතළ තත්ත්වයෙන් හදිසි රෝග අංශයේ ප්‍රතිකාර ලබන රෝගීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

IMG 20240711 WA0015
IMG 20240711 WA0021
IMG 20240711 WA0022
IMG 20240711 WA0024
IMG 20240711 WA0023
IMG 20240711 WA0018
IMG 20240711 WA0016
IMG 20240711 WA0017
IMG 20240711 WA0019
IMG 20240711 WA0027
IMG 20240711 WA0020
IMG 20240711 WA0028


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40