spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නුවරඑළියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ විරෝධතාව තුන්වන දිනටත් ක්‍රියාත්මකයි

වාර්ෂිකව ලැබෙන ප්‍රසාද දීමනාව ඉල්ලා නුවරඑළියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පැවැත්වෙන විරෝධතාවය අද (29) තුන්වන දිනටත් පැවැත්වුණා.

නුවරඑළිය – උඩප්පුසල්ලාව ප්‍රධාන මාර්ගයේ හවාඑළිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවකයින් පසුගිය බදාදා (27) දින මෙම විරෝධතාවය ආරම්භ කළේ අප්‍රේල් මාසයේ ලබාදෙන වාර්ෂික ප්‍රසාද දීමනාව කප්පාදු කිරීම , පඩි වැඩි කිරීම් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින්.

සේවක සේවිකාවන් 900කට ආසන්න ප්‍රමාණයක් සේවයේ නිරතවන අතර එහි සේවකයින් සදහන් කළේ වසර ගණනාවක් පුරා තමන්ගේ ශ්‍රමය අඩු වැටුපකට සුරාකෑම සිදු වූ බවයි.

කෙසේ වෙතත් මෙම ආයතයේ කළමනාකාරීත්වය අදාළ විරෝධතාවය නොසැලකිල්ලට ලක්කර ඇති බවයි එහි සේවකයින් චෝදනා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?