spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නුවරඑළියට මත්කුඩු බෙදූ ජාවරමෙක් අල්ලයි (ඡායරූප)

කලක සිය වට්ස්ඇප් පණිවිඩ හරහා මත්කුඩු ගෙන්වාගෙන නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට බෙදාහැරි නුවරඑළිය, බොරලන්ද ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරලන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙකු වන මොහු ඊයේ (28) රාත්‍රීයේදී නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 100ක මත්කුඩු ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහුගේ දුරකථන දත්ත පරික්ෂා කිරීමේ දී දිගු කලක් තිස්සේ මෙම මත්කුඩු ජාවාරම සිදුකර ඇති බවත් පුද්ගලයන් කිහිපදෙනෙකු හරහා නුවරඑළිය ආසන්න ප්‍රදේශයන් කිහිපයකට ඒවා ඉතාමත් සූක්ෂම ලෙස බෙදාහැර ඇති බවටත් කරුණු අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

සැකකරු අද (29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝගයක් ලබාගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

3 6
2 8
4 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?