නීති විරෝධී ලෙස අමතර උපාංග සවිකළ වාහන සොයා දිනකට මෙහෙයුම් 02ක් (වීඩියෝ)

නීති විරෝධී ලෙස විවිධ වර්ණ සහිත බල්බ, විවිධ නාද රටා ඇතුළු අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළට සමගාමීව මහමඟ ජීවිත සුරක්ෂිත කරමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (02) දිනයේ සිට මෙම පරීක්ෂා කිරීම් පොලිසිය විසින් අරඹා තිබෙනවා.

මෙවැනි රථ වාහන මාර්ගයේ ධාවනය වුව ද එය නොදුටුවා සේ රථවාහන පොලිසිය කටයුතු කිරීම ජනතාවගේ අප්‍රසාදයට හේතුවී ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරනවා.

මෙවැනි රථ වාහන හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරිම සඳහා දිනකට පැය තුන බැගින් මෙහෙයුම් 02ක් සෑම පොලිස් බලප්‍රදේශයකම ක්‍රියාත්මක කළ යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38