නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙක් පොලිසියට තරු පෙන්වයි

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු ගෙන් රුපියල් 5000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ඇත්තේ තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් පොලිස් සැරයන් වරයෙක්.

පැමිණිලිකරු පදවන ලද ත්‍රී රෝද රථයෙන් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කිරීමේ වරදට පොලිස් භාරයට ගෙන ඇති අතර එම නීති විරෝධී මත්පැන් ඉදිරියේදී කරදරයකින් තොරව විකිණීමට ඉඩ සලසා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10,000ක මුදලක් ඉල්ලා පළමුව සැකකරුවන් දෙදෙනා රුපියල් 5000 ක මුදලක් ලබාගෙන තිබූ බව සඳහන්.

ඉතිරි මුදල වන රුපියල් 5000ක මුදල දිගන ප්‍රදේශයේ ලී මෝලක් ඉදිරිපිට ඇති තේ කඩයක් තුළදී පොලිස් නිලධාරීන් දෙදෙනාට ලබාදෙන අවස්ථාවේදී යි අල්ලස් කොමිසිම මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53
Video thumbnail
මොණරාගලට ජල සම්පාදනය අඛණ්ඩව පවත්වාගැනීමට පියවර
05:06
Video thumbnail
ලාල්කාන්ත සහෝදරයට කතා කරන්න..නම්බර් එක ඉල්ලගෙන - Whatsapp එකේ වොයිස් මැසේජ් එකක් තියන්න
06:54
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය - "මං ඔයාලගෙන් හිඟාකන්න ආවේ නෑනේ මිස්"
02:04
Video thumbnail
අපේ රජය එනවා ගාට ගාට..රජය ගොඩක් දුර්වලයි - කඩා වැටිච්ච නිසානේ අපිට රට දුන්නේ
06:07