spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙක් පොලිසියට තරු පෙන්වයි

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු ගෙන් රුපියල් 5000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ඇත්තේ තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් පොලිස් සැරයන් වරයෙක්.

පැමිණිලිකරු පදවන ලද ත්‍රී රෝද රථයෙන් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කිරීමේ වරදට පොලිස් භාරයට ගෙන ඇති අතර එම නීති විරෝධී මත්පැන් ඉදිරියේදී කරදරයකින් තොරව විකිණීමට ඉඩ සලසා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10,000ක මුදලක් ඉල්ලා පළමුව සැකකරුවන් දෙදෙනා රුපියල් 5000 ක මුදලක් ලබාගෙන තිබූ බව සඳහන්.

ඉතිරි මුදල වන රුපියල් 5000ක මුදල දිගන ප්‍රදේශයේ ලී මෝලක් ඉදිරිපිට ඇති තේ කඩයක් තුළදී පොලිස් නිලධාරීන් දෙදෙනාට ලබාදෙන අවස්ථාවේදී යි අල්ලස් කොමිසිම මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?