spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධී ධීවර කටයුතු කළ 08ක් නාවික හමුදා භාරයට

බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් 8 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා හතරක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව යාපනය වෙත්තලකේණි, මාමු‍ණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ උදෑසන සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟිනුයි මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 48 ත් අතර පසුවන තිහාරිය, වෙප්පකුලම්, නච්චිකුඩා, වෙට්ටකුලම්, නොරොච්චෝල, පල්ලෙකුඩා සහ උදයකාට්ටේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අට දෙනා, ඩිංගි යාත්‍රා හතර සහ කිමිදුම් උපකරණ ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?