නීති විරෝධී ධීවර කටයුතු කළ 17ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සිලාවතුර, මන්නාරම වංකාලේ, යාපනය කල්මුණේතුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සහ මීගමුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟිනුයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා 6ක්, මුහුදු කූඩැල්ලන් 743ක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින් සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීත්, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනය මඟින් වංකාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීත්, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් කල්මුණේ තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීත් සහ බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් මීගමුව වෙරළ ප්‍රදේශයේත් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර තිබුණා.

එහිදී නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කළ සහ නීති විරෝධී ලෙස බලපත් රහිතව ධීවර කටයුතු කළ පුද්ගලයින් 17 දෙනෙකු සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 25 ත් 61 ත් අතර වයසේ පසුවන මන්නාරම, වංකාලේ, මීගමුව, ත්‍රීකුණාමලය සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔවුන් 17 දෙනා, ඩිංගි යාත්‍රා, මුහුදු කූඩැල්ලන් සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර හා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත සහ මීගමුව හා මන්නාරම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15