spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 12ක් නාවික හමුදා භාරයට

යාපනය චලෛයි, චුන්ඩිකුලම් සහ මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයන් ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල කළ විශේෂ මෙහෙයුමකින් නීති විරෝධිව ධීවර කටයුතුවල නිරත වූ 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 07 සහ 08 යන දින දෙක තුලදී යි නාවික හමුදාව මෙම වැටලීම් සිදු කර ඇත්තේ.

රාත්‍රී කාලයේ නීති විරෝධී ‍ලෙස දියයට විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ වලංගු බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු, මුහුදු කූඩැල්ලන් 1870ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා 4ක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න විශේෂ මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

චලෛයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි විශේෂ සෝදිසි මෙහෙයුමේ දී නීති විරෝධී ‍ලෙස දිය යට විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 9දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 3ක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

එමෙන්ම, 08 වනදා සවස් කාලයේදී මන්නාරම ඉලුප්පුකඩවායි මුහුදු ප්‍රදේශයෙහි සෝදිසි මෙහෙයුමක් මගින් එම මුහුදු ප්‍රදේශයේ බලපත්‍ර රහිතව ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිදෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 1870ක ප්‍රමාණයක් සහ ඩිංගි යාත්‍රාවක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 23 ත් 58 ත් අතර වයසේ පසුවන ධර්මපුරම්, වල්ලිපුරම්, හලාවත, මයිලවපුරම්, කල්ලාරු, තලයඩි සහ වලෛයිපාඩු යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනා ගෙන ඇත්තේ.

එම පුද්ගලයින් දොළොස් දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත සහ මන්නාරම සහකාර ධීවර කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?