නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 12ක් නාවික හමුදා භාරයට

යාපනය චලෛයි, චුන්ඩිකුලම් සහ මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයන් ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල කළ විශේෂ මෙහෙයුමකින් නීති විරෝධිව ධීවර කටයුතුවල නිරත වූ 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 07 සහ 08 යන දින දෙක තුලදී යි නාවික හමුදාව මෙම වැටලීම් සිදු කර ඇත්තේ.

රාත්‍රී කාලයේ නීති විරෝධී ‍ලෙස දියයට විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ වලංගු බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු, මුහුදු කූඩැල්ලන් 1870ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා 4ක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න විශේෂ මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

චලෛයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි විශේෂ සෝදිසි මෙහෙයුමේ දී නීති විරෝධී ‍ලෙස දිය යට විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 9දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 3ක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

එමෙන්ම, 08 වනදා සවස් කාලයේදී මන්නාරම ඉලුප්පුකඩවායි මුහුදු ප්‍රදේශයෙහි සෝදිසි මෙහෙයුමක් මගින් එම මුහුදු ප්‍රදේශයේ බලපත්‍ර රහිතව ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිදෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 1870ක ප්‍රමාණයක් සහ ඩිංගි යාත්‍රාවක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 23 ත් 58 ත් අතර වයසේ පසුවන ධර්මපුරම්, වල්ලිපුරම්, හලාවත, මයිලවපුරම්, කල්ලාරු, තලයඩි සහ වලෛයිපාඩු යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනා ගෙන ඇත්තේ.

එම පුද්ගලයින් දොළොස් දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත සහ මන්නාරම සහකාර ධීවර කාර්යාලය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44