නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 24ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ත්‍රීකුණාමලය සල්ලිමුණේ වෙරළ තීරය, වාකරේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ හා එම වෙරළ තීරයේ මෙන්ම යාපනය නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේයි මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත්තේ.

එහිදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ වලංගු බලපත්‍ර රහිතව ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 24 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 9ක්, කැබ් රථයක්, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 50 ත් අතර වයසේ පසුවන කල්පිටිය, පනිච්චන්කේනි සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් 24 දෙනා, ඩිංගි යාත්‍රා 09, කැබ් රථය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය, වාකරේ ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36