spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ 07ක් නාවික හමුදා භාරයට

යාපනය, කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 7දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 2ක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (01) රාත්‍රී උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගත කිරීමට අයත් චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩය මඟිනුයි වැටලීම සිදු කර ඇත්තේ.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් අවුරුදු 21ත් 38 ත් අතර වයසේ පසුවන යාපනය, මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් ඩිංගි යාත්‍රා සහ ධීවර ආම්පන්න සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?