නීති විරෝධීව රී-යූනියන් දූපත වෙත ඇතුල් වීමට තැත් කල ශ්‍රී ලාංකිකයන් 38ක් පිටුවහල් කෙරේ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රීලාංකිකයන් 38 දෙනෙකු ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට ප්‍රංශ බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මස පළමුවනදා කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු සමඟ මීගමුව ධීවර වරායෙන් පිටත්ව ඇති බහුදින ධීවර යාත්‍රාව දෙසැම්බර් මස 13 සහ 14 යන දිනයන්හීදී පුත්තලම බත්තලන්ගුණ්ඩුව දූපතේ සිට ඩිංගි යාත්‍රා 3ක් යොදා ගනිමින් පුද්ගලයින් 64 දෙනෙකු නංවාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව, මෙම නීතීවිරෝධි සංක්‍රමණිකයින් පිරිස රැගත් බහුදින ධිවර යාත්‍රාව පළමුව බ්‍රිතාන්‍යයට අයත් දියාගෝ ගාර්සියා වෙත ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර, එහිදී දෙසැම්බර් මස 30 වන දින බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ‍ගෙන නැවත පිටුවහල් කර තිබෙනවා.

පසුව, මිනිස් ජාවාරම්කරුවන් විසින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී පසුගිය 14 වන දින රී-යූනියන් බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇති බව සඳහන්.

අනතුරුව, මෙම නීතිවිරෝධි සංක්‍රමණිකයින් පිරිස රී-යූනියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් පුද්ගලයන් 38 දෙනෙකු මෙලෙස නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බහුදින ධීවර යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ තිදෙනෙක් ඇතුළුව වසය අවුරුදු 18ට වැඩි පිරිමි පුද්ගලයන් 33ක්, කාන්තාවන් දෙදෙනෙක් ක් සහ වසය අවුරුදු 18ට අඩු පිරිමි ළමුන් දෙදෙනෙක් හා එක් ගැහැණු ළමයෙකු ඇතුළු 38 දෙනා යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව පුත්තලම, මීගමුව සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවටයි අනාවරණය වී ඇත්තේ,

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

මෙම ජාවාරම මෙහෙයවූ කල්පිටිය සහ මහනුවර ප්‍රදේශයන්හි පදිංචි ජාවාරම්කරුවන් විසින් එක් පුද්ගලයෙකු‍ ගෙන් රුපියල් 400,000 සිට රුපියල් 1,000,000 දක්වා මුදලක් අයකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මිනිසුන් රවටා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම්වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර මුදල් නැති නාස්ති කරගැනීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනවා.

එමෙන්ම මෙවැනි අනවසර සංක්‍රමණිකයන් රී-යූනියන් දූපත වෙත ඇතුල් කරගැනීම සඳහා ප්‍රංශ රජයෙන් කිසිදු අනුග්‍රහයක් හිමි නොවන අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන වහාම නැවතත් මෙරටට පිටුවහල් කරනු ලබන බවයි නාවික හමුදාව පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14