spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට

වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු සමඟ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ 808කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව මන්නාරම මුහුදු ප්‍රදේශයේ ඊයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

උතුරුමැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවක් යොදවා මන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් පරික්‍ෂාවට ලක් කෙරුණා.

එහිදී එම ඩිංගි යාත්‍රා දෙක තුළ තිබී වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ 808යි ග්‍රෑම් 150ක තොගයක් සමඟ පුද්ගලයන් 4 දෙනෙකු සහ එම ඩිංගි යාත්‍රා දෙක මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18ත් 50 ත් අතර වයසේ පසුවන මීගමුව සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ. එම සැකකරුවන් මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?