නීති විරෝධීව මසුන් මැරීමේ නිරත වූ දෙදෙනෙකු නාවික හමුදා භාරයට

විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා දෙකක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාව, මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය හා එක්ව මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රී කළ ඒකාබද්ධ මෙහෙයුමකදී යි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් ධීවර ආම්පන්න සහ ඩිංගි යාත්‍රා දෙක ඉදිරි නීතීමය කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.