නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ෂැම්පු පැකට් තොගයක් තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.
තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ ප්‍රදේශයේ ඊයේ (13) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී එම ෂැම්පු පැකට් තොගය සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මෙහිදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ෂැම්පූ පැකට් පන්දහස් තුන්සිය අසූහයකක් නාවික හමුදාව විසින් සොගෙන ඇති අතර, එම තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණා.
