spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධීව ගෙනා බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1955ක පමණ තොගයක් නොරොච්චෝල ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ අලුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙුයමකදීයි මෙම බීඩි කොල තොගය හමුවී ඇත්තේ.

නොරොච්චෝල ආර්ථික මධ්‍යස්ථානය අසල නතර කර තිබූ සැක කටයුතු ලොරියක් පරීකෂා කිරීමේදී එහි සූක්ෂමව සඟවා තිබූ නීති විරෝධී ලෙසට මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන පාර්සල් 63ක අසුරා තිබූ බීඩි කොළ තොගය සහ එම ලොරිය මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එම බීඩි කොළ තොගය සහ ලොරිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?