නීති විරෝධීව ගෙනා ‘ඔක්සිමීටර් 4200 ක්’ කටුනායක දී හසුවේ

නීති විරෝධීව ශ්‍රී ලංකාවට ගෙනා රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනාකමින් යුත් ඔක්සිමීටර් 4200 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිෂ්කාශන නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ව්‍යාජ ලියවිල්ලක් නිලධාරීන්ට ඉදිරිපත් කර මෙම ඔක්සිමීටර් තොගය නිදහස් කරගෙන තිබූ අතර රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිටවීමේ දොරටුවේදී මෙම භාණ්ඩ තොගය පරික්ෂා කිරීමේදී පෙට්ටි 21 ක අසුරා තිබියදී  සොයාගෙන තිබුණා.