නීති විරෝධීව ගෙන්වූ දුම්වැටි විනාශ කෙරේ

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ රුපියල් කෝටි 150 කට වඩා වටිනා විදේශීය දුම්වැටි තොගයක් විනාශ කිරීම අස සිදු කෙරුණේ කෙරවලපිටිය ප්‍රදේශයේ ගබඩා අංගනයකදී යි.

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර ඇති දුම්වැටි මිලියන 200කට වැඩි ප්‍රමාණයක් එහි තිබූ අතර ඒවා 2021 වසරේ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ.

වංචනිකව මෙලෙස ගෙන්වා තිබූ දුම්වැටි තොගය හේතුවෙන් රජයට අහිමි වීමට තිබු බදු මුදල රුපියල් කෝටි 1300කට ආසන්න වනවා.

ඊට සම්බන්ධ නිලධාරීන් සහ නැව් නියෝජිත ආයතන හා ආනයනකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයින් රේගු පරීක්ෂණයේදී හදුනාගෙන ඔවුන්ට මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

බහාලුම් 21ක අඩංගු මෙම දුම්වැටි තොගය කෙරවළපිටිය ප්‍රදේශයේදී විනාශ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සරත් නෝනිස් යන මහත්වරුන්ගේ අධීක්ෂණය සහ රේගු ආදායම් අධීක්ෂණ අංශයේ පරීක්ෂාව යටතේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44