spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධීව ගෙන්වූ දුම්වැටි විනාශ කෙරේ

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ රුපියල් කෝටි 150 කට වඩා වටිනා විදේශීය දුම්වැටි තොගයක් විනාශ කිරීම අස සිදු කෙරුණේ කෙරවලපිටිය ප්‍රදේශයේ ගබඩා අංගනයකදී යි.

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර ඇති දුම්වැටි මිලියන 200කට වැඩි ප්‍රමාණයක් එහි තිබූ අතර ඒවා 2021 වසරේ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ.

වංචනිකව මෙලෙස ගෙන්වා තිබූ දුම්වැටි තොගය හේතුවෙන් රජයට අහිමි වීමට තිබු බදු මුදල රුපියල් කෝටි 1300කට ආසන්න වනවා.

ඊට සම්බන්ධ නිලධාරීන් සහ නැව් නියෝජිත ආයතන හා ආනයනකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයින් රේගු පරීක්ෂණයේදී හදුනාගෙන ඔවුන්ට මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

බහාලුම් 21ක අඩංගු මෙම දුම්වැටි තොගය කෙරවළපිටිය ප්‍රදේශයේදී විනාශ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සරත් නෝනිස් යන මහත්වරුන්ගේ අධීක්ෂණය සහ රේගු ආදායම් අධීක්ෂණ අංශයේ පරීක්ෂාව යටතේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?