spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධීව ගෙන්වූ කහ සහ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට නීති විරෝධීව ගෙන්වූ බවට සැක කෙරෙන වියළි කහ තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහබාගේ ප්‍රදේශයේ ගබඩාවකට සැක කටයුතු ලෙසට කන්ටේනර් රථයකින් රාත්‍රී කාලයේ මෙම කහ තොගය බාමින් තිබියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මහබාගේ පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිලධාරීන් ද සමග රාත්‍රී මුර සංචාරයක නිරතවෙමින් සිටියදී මෙම සැක කටයුතු කන්ටේනර් රථයෙන් භාණ්ඩ ඉවත් කිරීම නිරීක්ෂණය වී ඇත්තේ.

එහිදී ඔවුන් සිදු කළ පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ මෙම කන්ටේනර් රථය තුල නීති විරෝධීව ගෙන්වූ කහ කිලෝ 12250ක පමණ තොගයක් පවතින බවයි.

එමෙන්ම එම කහ ඇසුරුම් සමග නීති විරෝධීව තීරු බදු රහිතව ගෙන්වූ දුම්වැටි 280,000ක පමණ තොගයක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහබාගේ සහ පෑලියගොඩ ප්‍රදේශවල පදිංචි 57, 38 සහ 36 වයස්වල පසුවන පුද්ගලයන්.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් අද අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මෙම දුම්වැටි සහ කහ තොගයේ වටිනාකම මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?