නීති විරෝධීව ගෙන්වූ කහ සහ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට නීති විරෝධීව ගෙන්වූ බවට සැක කෙරෙන වියළි කහ තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහබාගේ ප්‍රදේශයේ ගබඩාවකට සැක කටයුතු ලෙසට කන්ටේනර් රථයකින් රාත්‍රී කාලයේ මෙම කහ තොගය බාමින් තිබියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මහබාගේ පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිලධාරීන් ද සමග රාත්‍රී මුර සංචාරයක නිරතවෙමින් සිටියදී මෙම සැක කටයුතු කන්ටේනර් රථයෙන් භාණ්ඩ ඉවත් කිරීම නිරීක්ෂණය වී ඇත්තේ.

එහිදී ඔවුන් සිදු කළ පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ මෙම කන්ටේනර් රථය තුල නීති විරෝධීව ගෙන්වූ කහ කිලෝ 12250ක පමණ තොගයක් පවතින බවයි.

එමෙන්ම එම කහ ඇසුරුම් සමග නීති විරෝධීව තීරු බදු රහිතව ගෙන්වූ දුම්වැටි 280,000ක පමණ තොගයක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහබාගේ සහ පෑලියගොඩ ප්‍රදේශවල පදිංචි 57, 38 සහ 36 වයස්වල පසුවන පුද්ගලයන්.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් අද අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මෙම දුම්වැටි සහ කහ තොගයේ වටිනාකම මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44