නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යන්න ගිය පිරිසක් අත්අඩංගුවට

නීති විරෝධී අන්දමින් යාත්‍රාවක් මඟින් ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කළ පුද්ගලයන් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර මුහුදේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

35 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.