නීති විරෝධි ලෙස ගෙන ආ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නොරොච්චෝල, සේතපොල ප්‍රදේශයේ අද අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ 1286ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානය මඟින් නොරොච්චෝල, සේතපොල ප්‍රදේශයේ අද දින අළුයම් කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු කැබ් රථයක් පරික්‍ෂාවට ලක් කරනු ලැබුවා.

එහිදී එම කැබ් රථය තුල උර 41ක අසුරා ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ 1286ක පමණ තොගයක් සමඟ එම කැබ් රථය සහ සැකකරුවන් දෙදෙනෙකුයි මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ක් සහ 28 ක් වන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම බීඩි කොළ තොගය, සැකකරුවන් දෙදෙනා සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝල පොලිසිය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14