spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධි ලෙස ගෙන ආ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නොරොච්චෝල, සේතපොල ප්‍රදේශයේ අද අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ 1286ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානය මඟින් නොරොච්චෝල, සේතපොල ප්‍රදේශයේ අද දින අළුයම් කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු කැබ් රථයක් පරික්‍ෂාවට ලක් කරනු ලැබුවා.

එහිදී එම කැබ් රථය තුල උර 41ක අසුරා ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ 1286ක පමණ තොගයක් සමඟ එම කැබ් රථය සහ සැකකරුවන් දෙදෙනෙකුයි මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ක් සහ 28 ක් වන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම බීඩි කොළ තොගය, සැකකරුවන් දෙදෙනා සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝල පොලිසිය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?