නීති නොපිළිපැදි මුදල් හුවමාරුවට මොකද උනේ ?…

ශ්‍රී ලංකාවේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් කිහිපදෙනෙකු නිකුත් කරන ලද විධානයන්ට අනුගත වී නොමැති බව අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.අදාළ ආයතන වල ගැටලු නිවැරදි කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට සහ අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇති බවද දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් පිළිබඳ නිරන්තරයෙන් නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවය.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ මුදල් හුවමාරුකරුවන් හට ලබාදෙන අනුපාතවලට වඩා වැඩි අනුපාතයන්ට විදේශ විනිමය ගනුදෙනු කිරීමට බලයලත් මුදල් හුවමාරුකරුවන් හට බලයක් නොමැති බවය.

2021 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී පවත්වන ලද ස්ථානීය පරීක්ෂණ අතරතුරදී, පහත දක්වා ඇති බලයලත් මුදල් හුවමාරු කරන්නන්, පනත යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත වී නොමැති බව අනාවරණය වී ඇත.

වෙන්නප්පුව, සුපිරි වෙළෙඳසැල් සංකීර්ණය, නො. 12 හි නිව් නටාෂා (පුද්.) සමාගම
වෙන්නප්පුව, හලාවත පාර, නො. 157 හි ජෝර්ජ් මයිකල් හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගම
කොළඹ 06, ගාලු පාර, නො. 55 හි රෝයල් මනි එක්ස්ජේන්ජ් (පුද්.) සමාගම
කොළඹ 06, ගාලු පාර, නො. 57 හි ප්‍රසන්න මනි එක්ස්ජේන්ජ් (පුද්.) සමාගම

ඒ අනුව, මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව නියමිත කාලසීමාවක් තුළ අදාල විධානයන්ට අනුගත වෙමින් කටයුතු කරන ලෙස දන්වා ඔවුන්ට නිවේදන නිකුත් කරන ලදී.

  1. ඩොලර් රේට් හිර කෙරුවේ කුමන හෝ විදේශ රටක වුවමනාවට, අපේ ආර්ථික මිනී වල කපන්න. ගෝඨා / PB / කබ්‍රාල් ගොන් ත්‍රිත්වය කරපු ජාතිද්‍රෝහී අමුම මීහරක් වැඩේ තමයි ඩොලර් විනිමය අනුපාත හිර කිරීම. විනිමය පාලනය කියන්නේ විවුර්ත ආර්ථිකයක ඉන්න බිස්නස් කාරයව, අත පය බැඳලා පීනන්න දානවා වගේ. ඊටත් වැඩිය, විදේශ ශ්‍ර්මිකයින්ව ඩොලර් black market එකට තල්ලු කිරීම මුන් කරපු මහම විනාශයක්. දැන් මහා බැංකුවෙන් 230 දුන්නත් වැඩක් නෑ, මිනිස්සු black market එකට හුරු වෙලා ඉවරයි. මේ හුරුවීම ඇතුලේ ලංකාව හිඟමනට වැටෙනවා කියල දැනගන්න උකුණු පුකක මොලයක් මුන්ට තිබුනේ නෑ නෙවෙයි, මුන් ලංකාව විදේශ උගුලක හිර කරා ආයිම පරම්පරා දෙක තුනකට ගැලවෙන්න බැරි විදියට. විදේශ විනිමය නිදහස් කලේ නැත්නම් ලංකාව තව මාස දෙකක් ඇතුලත බංකොලොත් වෙනවා. දැන් තියෙන්නෙත් මුළු ආර්ථික චක්‍රය එහෙම පිටින්ම නැවතිලා.