නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට පලා ගිය ලාංකිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි අයුරින් බෝට්ටු මගින් ඉන්දියාවට පලා ගිය ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ඉන්දියාවේ රාමේශ්වරන් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; යාපනය හා කෝපායි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකු රාමේශ්වරන්හි ස්ථාපිත ලාංකික සරණාගතයින් රැඳී සිටින කඳවුරක සිටියදී අදාළ අත්අඩංගුවට ගැනීම
සිදු කෙරුණා.

පිරිම් පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නීතිවිරෝධි අයුරින් බෝට්ටු මගින් අදාළ පිරිස ඉන්දියාව වෙත පලා ගොස් ඇති බව ද ඉන්දීය
මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙර ද අවස්ථා කිහිපයක දී මෙරට සිට බෝට්ටු මගින් ඉන්දියාවට ඇතුළුවීමට ගිය පුද්ගලයින් රැසක් ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන එරට අධිකරණ වෙත ඉදිරිපත් කර තිබෙනවා.