නීතියෙන් අවසර ලැබුණත්  පොලිස් ආරක්‍ෂාව ලැබී නෑ – චමුදිත 

තමාගේ ජීවිතයට පොලිස් රැුකවරණය ලබාදිය යුතු බවට නීතියෙන් අවසර ලැබී ඇතත් පොලිස්පතිවරයා ඒ පිළිබදව මෙතෙක් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැතැයි හිරු ටීවී මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා ඊයේ 20 වැනිදා පැවැසීය.

 පොලිස්පතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට කොතෙකුත් උත්සාහ කළද නොහැකිවූ බවද හෙතෙම කීය.

 පොලිස්පතිවරයාගේ මෙම කි‍්‍රයාව සහ තමාට මෙතෙක් ආරක්‍ෂාව නොලැබීම සම්බන්ධවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම් දෙන බවද ඔහු සදහන් කළේය.

 ජාතික ආරක්‍ෂාව පිළිබදව පෙනී සිටින පොලිස්පතිවරයා තමා සමඟ දුරකථනයෙන් කතාබහ කිරීමට පවා මැලිකමක් දක්වන්නේ පුද්ගලික අමනාපයක් නිසා විය හැකි යැයිද හේ කීවේය.

 මේ පිළිබදව මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සමඟ තමා දුරකථනයෙන් කතාබහ කළ බවද ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා බව ඔහු පැවසූ බවද චමුදිත සමරවික‍්‍රම මහතා සදහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58