නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

හදිසි නීති නියෝගය අවලංගු කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම රටේ වත්මන් ගැටලුවලට විසඳුමක් නොවන බවත්, මූලික අයිතීන් වන සාමකාමී රැස්වීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ හා පළකිරීමේ නිදහස සුරක්ෂිත කළ යුතු බවත් නීතිඥ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දෙයි. 

එමෙන්ම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම රටේ වත්මන් ගැටලුවලට විසඳුමක් නොවන බවද නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

125 5
125 83