නීතිඥවරියක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

මෑතකදී පාර්ලිමේන්තු සංකීර්ණය අසල පැවති උද්ඝෝෂණ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිවේදිනී අචලා සෙනෙවිරත්න අත්අඩංගුවට ගැනීම ජුනි මස 19 වනදා තෙක් වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ නීතිඥවරිය විසින් ඉදිරිපත් කළ සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.