නීතිඥවරයා සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය ගැන සොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 10ක්

තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලක ඊයේ (13) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇති බව පොලිසිය පවසනවා.

මෝටර් රථයක් තුළ සිටි යුවළකට තවත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 44ක පුද්ගලයෙක් සහ අවුරුදු 42ක කාන්තාවක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වූණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ දෙදෙනා අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බවටයි පසුව තොරතුරු වාර්තා වුණේ.

වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝල අවියක් භාවිත කර ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙලස ඝාතනයට ලක්වූ පිරිමි පුද්ගලයා බුද්ධික මල්වාරච්චි නම් නීතීඥවරයෙක් වන අතර, ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවයි ඒ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම නීතිඥයා සිය සේවාදායකයාගේ තොරතුරු, ලොකු පැටී නැමැති සංවිධානාත්මක අපරාධකරුට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට විමර්ශන සිදුකරන ආරක්ෂක අංශ සැක පළකරනවා.

මේ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23