නීතිඥයෙකුට මරු කැඳවූ අකුරේගොඩ වෙඩිල්ල මාලිමාවේ නීතිඥයෝ දැඩි පිළිකුලෙන් හෙළාදකී

අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලක දී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා සහාසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පවසනවා.

විශේෂ නි‌වේදනයක් නිකුත් කරමින් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පවසන්නේ පසුගිය පාලකයන් විසින් තම පටු පෞද්ගලික දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගැනීම සඳහා පාර රාජ්‍ය තුළ පෝෂණය කළ මැරවරයින් විසින්, පුරවැසියාගේ අයිතිවාසිකම් පිළිබඳ අධිකරණය තුළත් ඉන් පිටතත් හඬ නඟන මෙන්ම ඊට කැපවෙන ප්‍රජාවක් වෙතට මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.

අදාළ මාධ්‍ය නි‌වේදනය පහතින්.

සාහිසකයින්ගේ ප්‍රහාරයට ලක්ව 2026.02.13 දින අප අතරින් වියෝවූ බුද්ධික මල්ලවආරච්චි වෘත්තීය සහෝදරයා සහ ඔහුගේ බිරිඳගේ වියෝව පිලිබඳ ජාතික ජන බලවේගයේ නීතිඥයින් ලෙස අපි දැඩි සංවේගයට පත්වන්නෙමු. පසුගිය පාලකයන් විසින් තම පටු පෞද්ගලික දේශපාලන අරමුණු ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා පාර රාජ්‍ය තුළ පෝෂණය කළ මැරවරයින් විසින්, පුරවැසියාගේ අයිතිවාසිකම් පිළිබඳ අධිකරණය තුළත් ඉන් පිටතත් හඬ නගන මෙන්ම ඊට කැපවෙන ප්‍රජාවක් වෙතට එල්ලවූ එම ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. දහවල් කාලය තුළ සාමාන්‍ය පුරවැසියන් ගැවසෙන වටපිටාවක ආයුධ සන්නද්ධව පැමිණ නිරායුධ පුරවැසියන් මරා දමන්නට දරුණු මැරවරයින්ට බලය හිමිවූ අඳුරු පරිච්ඡේදය හැකිතාක් ඉක්මනින් නිමා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන වර්තමාන රජය එකී අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වන වේගයටත් වඩා වැඩි වේගයකින් කටයුතු කළ යුතු බව මෙකී සිදුවීම පසක් කරයි. එයට හේතුව මෙකී සිදුවීමේ වින්දිතයා වන්නේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වීම හේතුවෙන් පමණක්ම නොව එය මෙරට පුරවැසියන් දෙදෙනෙකුට එල්ල වූ කුරිරු හා අමානුෂික ප්‍රහාරයක් නිසාවෙනි. එමෙන්ම ප්‍රශ්නය තම පරිදියට ඇතුළු නොවන තාක් විචිත්‍ර සංකල්ප ගෙනහැර දැක්වීම කළ හැකි වුවද ප්‍රශ්නය තම පරිදියට පැමිණි පසු එහි බරපතළකම සේම ජීවිතය පිළිබඳව තැති ගැන්ම සියලු දෙනා කෙරෙහි පවතී. මන්ද පාර රාජ්‍යයේ ලේ පිපාසිතයින්ගේ ඉලක්කය විටක මාධ්‍යවේදියෙකි. විටක පොලිස් නිලධාරියකි. විටක විනිසුරුවරයකි. පසුගිය සිකුරාදා දිනයේදී පසක් කළේ එකී ඉලක්කය විටෙක නීතිඥවරක් වුවද විය හැකි බවයි. එය හෙට කුමන වෘත්තියක් ඉලක්ක කර ගනු ඇත්ද යන්න උපකල්පනය කළ හැකි නොවේ. නමුත් නිතැතින්ම නීතිඥවරු ලෙස අප පසක් කරන්නේ රාජ්‍යයට එකී වගකීමෙන් මිදිය නොහැක්කා සේම යුක්තිය පසිඳලීමේ සහ ඒ වෙනුවෙන් සිදුකරන විමර්ශන මෙන්ම පූර්ව අපරාධ වැළැක්වීමේ ක්‍රමවේදවල දැති රෝද අන් සැමදාටත් වඩා වේගයෙන් ක්‍රියාත්මකවීම සිදුවිය යුතු බවයි. සියලු පුරවැසියන්ගේ ගෞරවය හා යහපත් ජීවිතයක් වෙනුවෙන් පත් කරන ලද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තම වගකීම ඉටුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. ශ්‍රී ලංකා පොලිසිය සහ රාජ්‍ය යාන්ත්‍රණය මෙකී ක්‍රියාව සම්බන්ධයෙන් නිසි උද්යෝගයෙන් යුතුව කඩිනමින් විමර්ශන කටයුතු අවසන් කොට අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

සභාපති
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56