නීත්‍ය­නු­කූල ගිනි­අවි රජයට භාර­දෙන නිවේ­ද­නයට එරෙහිව ඇවෙන්රා හෝටල් හිමිකරුගෙන් පෙත්සමක්

පෞද්ග­ලික ආර­ක්ෂාව සඳහා ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය විසින් නීත්‍ය­නු­කූල ලෙස නිකුත් කර ඇති ගිනි­අවි භාර­දෙන ලෙසට ආර­ක්ෂක ලේක­ම්ව­රයා සිදුකර ඇති නිවේ­ද­නය බල­ර­හිත කරන රීට් ආඥා­වක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇවෙන්රා හෝටල් සමූහ ව්‍යාපා­රයේ අධි­පති දිනේෂ් නවි­න්තක ද සිල්වා විසින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමුවේ පෙත්ස­මක් ගොනු කර තිබෙනවා.

ආර­ක්ෂක අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා, ඇතුළු සිව්දෙ­නෙකු මෙහි වග­ උ­ත්තරකරුවන් ලෙස නම්කර ඇති බව සඳහන්.

නීතිඥ සනත් විජ­ය­ව­ර්ධන මඟින් මෙම පෙත්සම ගොනු­කර ඇති අතර, පෙත්ස­ම්කරු ප්‍රකට ව්‍යව­සා­ය­ක­යකු සහ මීග­මුව, වෙන්න­ප්පුව සහ හික්ක­ඩුව ප්‍රදේ­ශ­වල ඇති ඇවෙන්රා හෝටල් සමූහ ව්‍යාපා­රයේ අධි­ප­ති­ව­රයා වශ­යෙන්ද කට­යුතු කරන බව පෙත්ස­මෙහි සඳ­හන්.

විවිධ පිරිස් වෙතින් 2012/2013 කාල­යේ දී එල්ලවූ තර්ජන හමුවේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යෙන් ගිනි­අවි ලබාගැනී­මට පෙත්ස­ම්කරු කට­යුතු කර ඇති බව එහි සඳ­හන් වන්නේ.

පසු­ගිය අර­ගල සම­යේදී පෙත්ස­ම්ක­රුට අයත් මිග­මුව හෝට­ල­යට ඇතු­ළු වූ පිරි­සක් විසින් ඊට බර­ප­තළ හානි­යක් සිදු කළ අතර, ව්‍යාපා­රික ස්ථාන­ව­ලට ද විශාල අලාභ හානි සිදුවූ බව පෙත්ස­මමේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

තත්ත්වය මෙසේ තිබි­ය දී පසු­ගිය ඔක්තෝ­බර් 07 වැනි දින ආර­ක්ෂක ලේක­ම්ව­රයා විසින් පුද්ග­ල­යන් සතු සිය­ලුම අවි ආයුධ යළි භාර­දෙන ලෙසට නියෝග කර­මින් චක්‍ර­ලේ­ඛ­යක් නිකුත් කර ඇති බව පෙත්ස­මෙහි සඳ­හන්.

ව්‍යාපා­රි­ක­යෙකු ලෙස තමන්ට එල්ල වන මැර තර්ජන හේතු­වෙන් කෝටි ගණ­නක මුදල් ගෙවා ගිනි­අවි ලබා­ගත් අතර 2025 වසර සඳහා එම බල­පත්‍ර නීත්‍ය­නු­කූල ලෙස අලුත් කර ඇති බව ද පෙත්ස­ම්කරු පෙන්වා දෙනවා.

ඊට අදාළ බදු මුදල් රජ­යට ගෙවා ඇති බව ද සඳහන් කරන පෙත්ස­ම්කරු, මේ සම්බ­න්ධ­යෙන් පෙත්ස­ම්කරු සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා අභි­යා­චනා ඉදි­රි­පත් කළ ද යහ­පත් ප්‍රති­චා­ර­යක් නොලැ­බුණු බව පෙත්ස­මෙහි සඳ­හන්.

මෙම ගිනි­අවි නැවත ලබාගැනීමේ තීර­ණය හේතු­වෙන් තම ජීවි­ත­යට තර්ජන එල්ල විය හැකි බව පෙත්ස­ම්කරු විසින් පෙන්වාදී ඇති අතර, මෙම චක්‍ර­ලේ­ඛය ගිනි­අවි පන­තට සහ නීති­යට පට­හැණි බව පෙත්ස­ම්කරු කියා සිනවා.

එබැ­වින් අදාළ චක්‍ර­ලේ­ඛය බල­ර­හිත කරන රීට් ආඥා­වක් නිකුත් කරන ලෙස පෙත්ස­ම්කරු සිය පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
11
+1
1
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03