නිළි රැජිණ මාලිනීගේ අවසන් කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

අභාවප්‍රාප්ත ලාංකීය සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සදහා පහසුකම් සැලසීම පිළිබඳ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (24) පස්වරුවේ පැවැත්වුණු මෙම සාකච්ඡාවට රාජ්‍ය නිලධාරීන ඇතුළුව කලාකරුවන් සහ මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන් එක්ව සිටියා.

මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සහ අවමංගල්‍යය අවස්ථාව වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට ගත යුතු පියවර සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මාලිනී ෆොන්සේකා මහත්මියෙගේ දේහය හෙට (25) දිනයේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී හා අනිද්දා දින (26) නිදහස් චතුරස්‍ර මන්දිරයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට නියමිත අතර, ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වන සඳුදා පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14