නිශ්චිත පුහුණුවක් නොමැතිව අනාගතයේ පෙර පාසල් අරම්භ කළ නොහැකියි – අධ්‍යාපන ඇමති

අධ්‍යාපනය අතරමග දී සැකසිය නොහැකි අතර එය පෙරපාසලේ සිට ඉතා විධිමත් ව සැකසිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

දිවයින පුරා විසිරී සිටින විවිධ වර්ගවල පෙර පාසල් 19,000ක සිටින 40,000ක් පමණ වන පෙර පාසල් ගුරුවරුන්ට නිශ්චිත වූ පුහුණුවක් හා ඩිප්ලෝමාවක් ලබා දී ඉදිරියේ දී එම විධිමත් සහතික අනුව පමණක් පෙරපාසල් ආරම්භ කිරීමට අවසරය ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ප්‍රාථමික අධ්‍යාපනයේ අඩිතාලම වැටෙන පෙර පාසල් අධ්‍යාපනය කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ජපානයේ වැඩි ම අවධානයක් යොමු කරන්නේ මෙම පෙර පාසල් අධ්‍යාපනයට බවයි.

යම් රාමුවක් තුළ ක්‍රියාකාරකම් පදනම් කරගත් අධ්‍යාපනයක් පෙරපාසල් දරුවන්ට ලබා දීමේ පදනම සැකසීම මගින් ප්‍රාථමික අධ්‍යාපනය ඇතුළු අනෙකුත් අධ්‍යාපන තලයන්හි අනවශ්‍ය ඉගෙනුම් පීඩනය අවම කිරීමට හැකි වන පරිදි විභාග බර අඩු කළ හැකි බවත් එමගින් නිරායාසයෙන් ම ඉදිරි වසර කිහිපය තුළ දරුවන්ගේ පාසල් බෑගයේ බර ද ක්‍රමානුකූල ව අඩු වනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියේ.

මෙහි දී ප්‍රාථමික අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති විවිධ පියවර ගැන ද සඳහන් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශය 2022 වර්ෂයේ ප්‍රාථමික ගුරුවරුන් 13,800ක් පුහුණු කර ඇති අතර 2023 වර්ෂයේ දී ද එවැනි ම ප්‍රමාණයකට පුහුණුව ලබා දීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානයත් සමග එක් ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් එක වසරේ සිට ම භාවිතයෙන් ඉංග්‍රීසි කථනය මේ වන විටත් ප්‍රායෝගික ව අරඹා ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ඒ අනුව පෙරපාසල් වඩාත් ශක්තිමත් කිරීම මගින් ද ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන ඉලක්කය සපුරාගන්නා බව ද සඳහන් කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ආර්ථික අපහසුතා සහිත දරුවන් ලක්ෂයකට නොමිලේ පාසල් පොත් ලබා දීම වෙනුවෙන් බෝමිරිය ජාතික පාසලේ දී අද පැවති සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්.

‘ලොව හොඳ ම දේ දරුවන්ට’ යන තේමාව යටතේ සමෘද්ධි සවිබල ගැන්වීමේ අමාත්‍යාශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් යාම අතරමග නතර කරන දරුවන් එයින් වලක්වාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික වැඩසටහනක සමාරම්භක වැඩසටහනයි.

දීපව්‍යාප්ත සමෘද්ධි ප්‍රජා මූල සංවිධානවල හා සමෘද්ධි ප්‍රජාමූල බැංකුවල සුබසාධක අරමුදලේ මෙන් ම සමාජ සංවර්ධන අරමුදලේ මූල්‍ය දායකත්වය මෙම සමාජ සංවර්ධන කාර්ය සඳහා ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14