spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවාස ගිනි තැබූ සිද්ධීන්ට අත්අඩංගුවට පත්වූවන් අතර අපේ අය නෑ – අනුර කුමාර

පසුගිය 09 වනදා දිවයින පුරා සිදු වූ නිවාස ගිනි තැබීමේ සිද්ධි සම්බන්ධයෙන් සැකපිට ජනතා විමුක්ති පෙරමුණේ කිසිඳු ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට පත්ව නොමැති බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ පසුගිය 09 වනදා ප්‍රචණ්ඩකාරී ක්‍රීයා සැලසුම් කළ බවට සිය පක්ෂයට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර දියත්කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?