spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවාඩුවේ දිය නෑමට ගිය තරුණයෙක් මුහුදේ අතුරුදන්

මාරවිල – මූදුකටුව මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ දිය නෑමට ගිය තරුණයින් 4 දෙනෙකු අතරින් අයෙක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි.

අද සවස 5.45ට පමණ මෙම තරුණයන් පිරිස දිය නෑම සඳහා මුහුදට ගොස් තිබුණා.

වයස අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන ඔවුන් නාත්තන්ඩිය -දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

රළ පහරකට හසුවී ගසා ගෙන යමින් සිටි තරුණයින් 3 දෙනෙකු ප්‍රදේශයේ ධීවරයින් විසින් බේරා ගෙන ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අතුරුදන් වූ තරුණයා සොයා ප්‍රදේශයේ ධීවරයින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?