නිවස තුළ සිදු වන කොරෝනා මරණ ගැන හෙළිදරව්වක්

මෙරටින් ඊයේ (11) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2789 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 741 දෙනා අතර කටාන ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 122 දෙනෙකු සහ කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 117 දෙනෙකු වන බවයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 505 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 397 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

කළුතර, කුරුණෑගල, මහනුවර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100 දෙනෙකු ඉක්මවා හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද අලු‍යම තහවුරු කළ මරණ 62 න් 07ක් සිදුව ඇත්තේ පසුගිය මැයි 08 සිට මැයි 31 දක්වා කාලය තුළදීයි.

ජුනි 01 සිට ජුනි 10 දක්වා කාලය තුළදී සිදුවූ මරණ 55 ක්ද අද (12) අලු‍යම නිකුත් කළ නිවේදනයට ඇතුළත්.

මිය ගිය හැට දෙදෙනා අතරට පිරිමි පුද්ගලයින් 35 දෙනෙක් සහ කාන්තාවන් 27 දෙනෙක් අයත් වනවා.

නව මරණ 62 සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,073 ක් දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළද වසංගත රෝග විද්‍යාංශයේ වෙබ් අඩවිය එය දක්වා ඇත්තේ 1985 ක් ලෙසයි.

ඒ ඊයේ දිනයට වෙබ් අඩවිය යාවත්කාලීන කළ බව දක්වමින්.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ නිවෙස් තුල සිදුවන කොරෝනා මරණ වල අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බවයි.

කොරෝනා මර්දන එන්නත්කරණ කටයුතු අදත් ක්‍රියාත්මක අතර බියගම මූලික රෝහල් පරිශ්‍රයේ පැවති එන්නත්කරණ කටයුතු සඳහා ජනතාව විශාල වශයෙන් පැමිණ සිටින ආකාරය දැකගත හැකිවුණා.

ඔවුන් චෝදනා කළේ, ඊයේ පැවති සෞඛ්‍ය සේවක වර්ජනය නිසා එන්නත් ලබාගැනීමට නොහැකි වූ නිසා ඒ සඳහා අද පැමිණියත් මේ වනවිට යළි අපහසුතාවලට මුහුණ දී ඇති බවයි.

ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කවල සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද සිදුකෙරෙන අතර එහි දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත, වැල්ලවත්ත, මට්ටක්කුලිය, කිරුළපන, බෙත්තාරාම සහ පිළියන්දල යන ප්‍රදේශවලදී ක්‍රියාත්මකයි.

කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් දොලොස්ලක්ෂ 9276 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 78,025 ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ 25,242 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 64,986 ක්.

මේ අතර, අද සහ හෙට දින දෙක තුළ දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම් සඳහා පමණක් විවෘතව තැබෙනවා.

ඒ අනුව තොග වෙළදුන්ට මෙන්ම ජංගම වෙළදසැල් පවත්වාගෙන යන පුද්ගලයින්ට ද ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවළු සහ පළතුරු මිලදී ගැනීමට හැකියි.

දිවයිනට පනවා තිබූ සංචරණ සීමා අනිද්දා දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ලබන 21 වනදා දක්වා සංචරණ සීමා දීර්ඝ කරන බවයි.

නිරෝධායන නීති කඩකළ තවත් පුද්ගලයින් 1,027 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සංචරණ සීමා පැනවීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 30,042 ක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඉදිරි කාලසීමාව තුළද අඛණ්ඩව නිරෝධායන නීති කඩකරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24