නිවසේ දොර ඇරි ගෙහිමි කතට වනඅලි පහරදීමක් – එතනම මරුට

වනඅලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම ඛේදවාචකය මහවිලච්චිය – බෝගස් හන්දිය, යාය 03 ප්‍රදේශයේ දී සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

ඊයේ (28) රාත්‍රියේ දී නිවසේ ඉදිරිපස දොර අසලින් ඇසෙන ශබ්දය කුමක් දැයි සොයා බැලීමට මියගිය කාන්තාව ගොස් දොර විවර කර ඇති බවත්; දොර අසල සිටි වන අලියා ඇයට පහර දීම සිදු කර ඇති බවත් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි සිව්දරු මවක් වන අතර ඇය සිය ස්වාමිපුරුෂයාගේ අභාවයෙන් පසුව නිවසේ තනිව ජීවත් ව තිබෙනවා.

යාබද නිවසේ සිටි පුද්ගලයෙකු වන අලි පහරදීම සියැසින් දැක ඇති බවත් ඔහු විසින් අදාළ කරුණු පොලිසියට පවසා ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05