නිවසින් අතුරුදහන්ව සිටි පස්දරු පියෙකුගේ සිරුර හැටන් , ඇබොස්ලි තේ වත්තේ මාර්ගයක තිබි අද (12) දින සොයාගත් බව හැටන් පොලිසිය පවසනවා.
මෙසේ තේ වත්තේ මාර්ගයක තිබි හමු වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වත්තේ මාක්ස් කොටසේ පදිංචි සින්නයියා කුමාර් නැමති (48) හැවිරිදි පස්දරු පියෙකුගේ සිරුරයි.
ඊයේ (11) දින උදෑසන සිට තම සැමියා අතුරුදහන්ව සිටි බවත්,(12) දින උදෑසන තේ වත්තේ වැඩට ගිය වතු කම්කරුවන් තම සැමියාගේ සිරුර දැක ඒ පිළිඳව හැටන් පොලිසිය දැනුම් දි ඇති බවයි මරණකරුගේ බිරිද පවසන්නේ.
සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
