spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවසට යමින් සිටියදී සිදුවූ අතවරයක් ගැන තරුණියකගෙන් පැමිණිල්ලක්

සේවය නිමවා රාත්‍රී කාලයේ නිවසට යමින් සිටි තරුණියක ලොරි රථයක නංවාගෙන ගොස් ගෙලට තියුණු ආයුධයක් තබා සමූහ දූෂණය කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත පානදුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කළුතර රෝහල් පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක් ලබාදුන් ප්‍රකාශකයක් මත මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මෙම තරුණිය පානදුර ප්‍රදේශයේ වෙළද සැලක සේවය නිමවා රාත්‍රී කාලයේ නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක සිටි දෙදෙනෙකු හැඳුනුම්කමක් පෙන්වා නිවසට ඇරලවීම සදහා ලොරි රථයට නංවාගෙන ඇති බවටයි ප්‍රකාශ ලැබී ඇත්තේ.

තරුණියගේ ප්‍රකාශයේ සඳහන් වී ඇත්තේ ලොරිය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බව දැනුම් දීමෙන් පසු වාද්දුව ප්‍රදේශයේ පාලු වත්තකට ලොරිය ගෙන ගොස් රියදුරු සහ අනෙක් පුද්ගලයා විසින් ඉදිරිපස අසුනේ සිටි තමා වරින් වර දූෂණයට ලක් කළ බවයි.

අසාධ්‍ය තත්වයේ පසුවූ තරුණිය කළුතර ශික්ණ රෝහලට ඇතුලත් කර ඇති අතර, අතවර කළ පුද්ගලයන් නැවත දුටුව හොත් හඳුනාගත හැකි බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

එම තරුණිය මිත්තණියගේ භාරයේ හැදී වැඩෙන අතර මව බන්ධනාගාර ගත ව ඇතැයි ද සඳහන්.

මවගේ තුන්වන සැමියා වන සුළු පියා ද මත් ද්‍රව්‍ය චෝදනාවක් හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින බව ද අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?