නිවසට එල්ල වූ ප්‍රහාරයකින් හයිටි ජනාධිපති මරුට

හයිටි ජනාධිපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් අන්තර්වාර අගමැති ක්ලෝඩ් ජෝසෆ් පැවසුවේ ජනාධිපති ජොවෙනෙල් මොයිස් සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් මියගිය බවය.

එම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.