නිවසට ආ සොරෙක් කාන්තාවක් ඝාතනය කරලා

පේදුරුතුඩුව පොලිස් වසමේ තුම්පලේ ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

ඊයේ (20) උදෑසන කාලයේ ලැබුණු තොරතුර මත පොලිසිය විමර්ශන ආරම්භ කළ පොලිසියට අනාවරණය කර ගැනීමට හැකිව ඇත්තේ නිවස බිඳ දේපළ සොරකම් කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 69ක තැනැත්තියක්.

මේ අතර ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 20 ක් වන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන්ට භාර දී ඇති අතර, පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37