නිවසට ආ රිලා රංචුවක් නිසා කාන්තාවක් අවසන් ගමන් යයි (විඩියෝ)

සියඹලා ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් ගලේවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් බවයි.

අදාළ කාන්තාව පදිංචිව සිටි නිවසට ඊයේ (19) සවස රිලා රංචුවක් පැමිණ ඇති අතර, උන් එලවීම සඳහා අදාළ කාන්තාව නිවසට පිටුපසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කාන්තාව නිවස පිටුපස පිහිටි සියඹලා ගසක් යටට ගිය මොහොතේ සියඹලා ගසේ සිටි රිලවුන් එහි අත්තක් සෙලවීමත් සමඟ එය ගස යට සිටි කාන්තාවගේ හිසමතට කඩාවැටී තිබෙනවා.

සියඹලා අත්ත හිස මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව ගලේවෙල දිසා රෝහලට රැගෙන යාමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

https://youtu.be/9Xjh5sUkN6A


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37