නිවසට ආ ආගන්තුකයින් ගෙන ආ කේක් කා බීම පානය කළ එකම පවුලේ පහක් රෝහලේ

පුත්තලම නගරයේ නිවසකට ඊයේ (15) දිනයේ පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ලබා දුන් කේක් සහ බීම වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු එකම පවුලක පස්දෙනෙකු හදිසියේ රෝගාතුර වූ පුවතක් වාර්තා වනවා.

මෙලෙස රෝගාතුර වූ පස්දෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයෙන් මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වයස අවුරුදු 86, 84, 65, 63 සහ 29 හැවිරිදි වියේ පසුවන්නන් පිරිසක්.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (15) දිනයේ අදාළ නිවසට පැමිණ ඇත්තේ මේ වනවිට හෘද සැත්කමකට ලක්කර සිටින මෙම නිවසේ හිමිකරුව හඳුනන බවට දන්වමින්.

එලෙස පැමිණි ඔවුන් පුද්ලික ආයතනයකින් ලබාදෙන රුපියල් පනස් දහසක මුදලක් ප්‍රධානය කිරීමට කටයුතු කරන බවයි පවසා ඇත්තේ.

ඒ, අනුව අදාළ රුපියල් පනස්දහසක චෙක්පත ලබාදීමට පෙර ඔවුන් පවසා ඇත්තේ, තමන් දෙදෙනා ගෙන ආ කේක් සහ පැණි බීම ආහාරයට ගෙන චෙක්පත ප්‍රධානය කිරීමට සූදානම් වන ආකාරය ඡායාරූප ගතකර අදාළ ආයතනය වෙත යැවිය යුතු බවයි.

ඊට එකඟ වූ නිවැසියන් විසින් මෙම ආගන්තුකයින් දෙදෙනා ගෙන ආ කේක් කපා ආහාරයට ගෙන පැණි බීම ද පානය කර තිබෙනවා.

එහිදී එම ආහාර ලබාගත් නිවැසියන් සිව්දෙනෙක් ටික වේලාවකට පෙර සිහිසුන්ව ඇද වැටී ඇති අතර, රෝගීව සිටි නිවැසියා තම දියණියකට දුරකථනයෙන් ඇමතුමක් දී පවසා ඇත්තේ මව ඇතුළු පවුලේ සියලු දෙනා සිහිසුවන් බිම ඇදවැටුණු බවයි.

එම අවස්ථාවේ කලබලයට පත් නිවසට පැමිණ සිටි ආගන්තුකයින් දෙදෙනා පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දුරකථන ඇමතුම ලබාගත් දියණිය වහාම නිවසට පැමිණ සිහිසුන්ව ඇද වැටී සිටි පවුලේ අයව අසල්වැසියන්ගේ ආධාරයෙන් පුත්තලම රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසන්නේ නිවස කොල්ල කෑමට හෝ වෙනත් අරමුණකින් අදාළ පුද්ගලයින් දෙදෙනා පැමිණ ඇති බවයි.

සැකකරුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මේ වනවිටත් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
4
+1
11
+1
8
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22