spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවසක විදුලිය විසන්ධි කරන්න ගිය විදුලි සේවකයෙකුට ප්‍රහාරයක්

දික්ඔය රනරාජා වත්තේ නිවසක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එහි විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයෙකුට නිවෙස් හිමියන් විසින් පහරදීමේ සිදුවීමක් වාර්තා වනවා.

අදාළ නිවසේ විදුලි බිල වසරක කාලයක් පුරා නොගෙවීම හේතුවෙනුයි විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩල සේවකයින් ගොස් ඇත්තේ.

එහිදී නිවෙස් හිමියා සහ ඔහුගේ බිරිඳ විසින් තමන්ට පහරදී තමාගේ ටැබ් යන්ත්‍රය පැහැරගත් බවට පවසමින් එම සේවකයා හැටන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ගිනිගත්හේන ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවය කරන විදුලිය විසන්ධි කිරිම සහ සම්බන්ධතාවය ලබාදෙන නිලධාරියා තවත් අයෙකු සමග අද අදාළ පාරිභෝගිකයාගේ නිවසට ගොස් තිබුණා.

එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ වසරක පමණ කාලයක් රුපියල් 12000කට ආසන්න විදුලි බිල ගෙවා නොතිබීම හේතුවෙන් එම මුදල ගෙවන ලෙසටයි.

එහිදී උරණ වු එම නිවසේ පදිංචිකරු තම රාජකාරියට බාධා කරමින් තමන්ට පහර දුන් අතර ඔවුන්ගේ බාධා කිරීම් මැද එම නිවසට ලබා දි තිබු විදුලි සම්බන්ධතාවය ද විසන්ධි කල බවයි පහර කෑමට ලක්වූ බව කියන සේවකයා පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

මේ අතර විදුලි බල මණ්ඩලයේ නිලධාරින් පිරිසක් තම නිවසේ විදුලි බලය විසන්ධි කිරීමට පැමිණ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී විදුලි බල මණ්ඩලයේ නිලධාරියා තමන්ට සහ බිරිඳට පහර දුන් බව නිවෙස් හිමියා ද පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

දෙපාර්ශවයේම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
4
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?