නිවසක විදුලිය විසන්ධි කරන්න ගිය විදුලි සේවකයෙකුට ප්‍රහාරයක්

දික්ඔය රනරාජා වත්තේ නිවසක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එහි විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයෙකුට නිවෙස් හිමියන් විසින් පහරදීමේ සිදුවීමක් වාර්තා වනවා.

අදාළ නිවසේ විදුලි බිල වසරක කාලයක් පුරා නොගෙවීම හේතුවෙනුයි විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩල සේවකයින් ගොස් ඇත්තේ.

එහිදී නිවෙස් හිමියා සහ ඔහුගේ බිරිඳ විසින් තමන්ට පහරදී තමාගේ ටැබ් යන්ත්‍රය පැහැරගත් බවට පවසමින් එම සේවකයා හැටන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ගිනිගත්හේන ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවය කරන විදුලිය විසන්ධි කිරිම සහ සම්බන්ධතාවය ලබාදෙන නිලධාරියා තවත් අයෙකු සමග අද අදාළ පාරිභෝගිකයාගේ නිවසට ගොස් තිබුණා.

එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ වසරක පමණ කාලයක් රුපියල් 12000කට ආසන්න විදුලි බිල ගෙවා නොතිබීම හේතුවෙන් එම මුදල ගෙවන ලෙසටයි.

එහිදී උරණ වු එම නිවසේ පදිංචිකරු තම රාජකාරියට බාධා කරමින් තමන්ට පහර දුන් අතර ඔවුන්ගේ බාධා කිරීම් මැද එම නිවසට ලබා දි තිබු විදුලි සම්බන්ධතාවය ද විසන්ධි කල බවයි පහර කෑමට ලක්වූ බව කියන සේවකයා පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

මේ අතර විදුලි බල මණ්ඩලයේ නිලධාරින් පිරිසක් තම නිවසේ විදුලි බලය විසන්ධි කිරීමට පැමිණ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී විදුලි බල මණ්ඩලයේ නිලධාරියා තමන්ට සහ බිරිඳට පහර දුන් බව නිවෙස් හිමියා ද පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

දෙපාර්ශවයේම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14